ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන ශ්‍රවණාගා‌රයේ දී පැවැත්විණි,

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරුණු අතර,එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබඳව විශේෂ දේශණ ද පැවැත්විණි.

මෙය දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බව, මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේය.

අද වෛද්‍ය විද්‍යාව නුතන තාක්ෂණය සමඟ දියුණුවට පත්ව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව ද පැවසූ අතර, නව ඖෂධ සහ නව තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හඳුන්වාදීම ද ඉන් ප්‍රධාන වන බවද පැවසීය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු දැනට එහි ලියාපදිංචි වී සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය හා ආචාරධර්ම පවත්වා ගෙන, සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා කිරිමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයක් වන අතර, මෙහි පාලක සභාවේ පොදු යුතුකම වන්නේ මහජනයා ආරක්ෂා කිරීම සහ වෘත්තියේ කීර්තිය ඉහළ නැංවීම වේ.

ක්‍ෂේත්‍රයේ සේවය කිරීම සඳහා විවිධ කාණ්ඩවල සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වාර්තා පවත්වා ගෙන යාම, ඒවා ප්‍රකාශයට පත් කිරීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නිර්දේශ කිරිමත් රාජකාරි කටයුතු ඉටු කිරිමේදි වෘත්තීය හැසිරීම සහ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳව උපදෙස් දීමත් ලියාපදිංචි වී සිටින අයගේ ක්‍රියාකලාපයන් නුසුදුසු යැයි පෙනි යන්නේ නම් එම පුද්ගලයන්ට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම යනාදිය පාලක සභාව මගින් සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...