*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වයඹින් අස්වනු ලෙලෙන තරගාවලියක අවසාන දවස

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 03, කොළඹ (LNW): වයඹ විවෘත ජාතික බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන දිනය වන විට ශ්‍රී ලංකා බැඩිමින්ටන් විසින් අනාගතය වෙනුවෙන් වපුරන ලද අස්වනු පීදෙමින් ඇති බව පෙනෙන්නට ඇත.ඉකුත් වසරේ ආසියානු ඔලිමිපික් ව්‍යාපෘතිය යටතේ පුහුණුව සඳහා මැලේසියාව බලා පිටත් කළ සිව් දෙනාගෙන් තිදෙනෙක්ම මෙහිදී අවසාන තරග දක්වා පැමිණ තිබෙන අයුරු දැකිය හැකිය.ඒ අතරින් තිළිණ විශ්මික රාජකරුණා අවුරුදු 19 න් පහළ සූරතාවය දිනා ගැනීමෙන් නොනැවතී අද පැවත්වෙන පිරිමි කේවල විවෘත අංශයේ අවසාන තරගයට ද තේනුක සත්සර ද සිල්වා සමඟ තරග කිරීමට තේරී පත්ව සිටියි.


එම පුහුණුවට යොමු කළ රශ්මි භාග්‍යා අද කාන්තා කේවල යුගල අවසාන තරග දෙකටම මුහුණ දීමට නියමිතය.ඇව සමඟ යුගල අවසාන තරගයේදී සහයිකාව ලෙස එක්වන වරංගනා ජයවර්ධන ද එම මැලේසියානු පුහුණුව සඳහා යොමු කළ ක්‍රීඩිකාවක්ය.රශ්මි අවසාන තරගයේදී සූරතාවය සඳහා ගැටෙන්නේ සිතුලි සත්නදී රණසිංහ සමඟය.කාන්තා යුගල තරගයේදී ඇය සහ වරංගනාට එරෙහිව එන්නේ සනදි දහම්සා ද සිල්වා සහ නේතංගා වින්දනී ය.පිරිමි යුගල තරගවල සූරතාවය තීරණය වන්නේ සෙහදු තෙව්මික පීරිස් සහ තේසක් සේමික රාජපක්ෂ සමඟ මධුක දුලාංජන සහ ලහිරු මධුශාන් වීරසිංහ තරග වැදීමෙන්ය.මධුක මිහ්‍ර යුගල අවසාන තරගයට ද පැමිණ සිටින අතර ඔහු සහ අනුරංගි හංසමාලි මාස්කෝරාල පිරිමි කේවල අවසාන තරගය නියෝජනය කරන තේනුක සත්සර ද සිල්වා සහ සමාදි ඔනෙල් සත්නාරා ට එරෙහිව තරග වදිනු ඇත.


තිළිණ,රශ්මි සහ වරංගනා වයඹ තරගාවලිය ජාතික මට්ටමේ වැඩි පිළිවෙලේ ප්‍රතිපල පෙන්වන තරගාවලියක් බවට පත් කර ඇති අතර කුඩා වයස් ඛාණ්ඩ තරගවලදී ද මේ වන විට පැවත්වෙන් දිස්ත්‍රික් පුහුණු කදවුරු හරහා ඉදිරියට පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වන බැවින් ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත සතුටුදායක ප්‍රතිපල අත් කර දෙන තරගාවලියක් ලෙස මේ තරගාවලිය නම් කළ හැකිය.අද දිනයේ අවුරුදු 11 න් පහළ බාලක යුගල තරග අංශයේ ද,වයස 30 ට වැඩි පිරිමි කේවල සහ යුගල අංශවලද අවසාන තරග පැවත්වීමට නියමිත අතර අද දිනයේ අවුරුදු 110 එකතුව මිශ්‍ර තරග,මෙන්ම අවුරුදු 50 ට වැඩි පිරිමි යුගල තරගත්,අවුරුදු 55 ට වැඩි පිරිමි කේවල තරගත් නිමා කිරීමට නියමිතව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan