නිදහස් සෞඛ්‍යයක් නම් තියෙන්නේ වෘත්තීය සමිතිවලිනුත් නිදහස් කරන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

0
176

නිදහස් සෞඛ්‍ය සේවය තුළ වඩා ඵලදායී,විශිෂ්ට සේවයක් ලබා ගැනීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වලින්ද නිදහස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (03) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් දෙවන දිනයටත් ක්‍රියාත්මක වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මෙම වර්ජන පසුපස ඇත්තේ මේ වන විට ආරම්භ වී තිබෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සමඟ සමාන්තරව දිවෙන ක්‍රියාවලියක් බවද බෙල්ලන මහතා කියාසිටියේය.

එමෙන්ම වෘත්තීය සමිති නායකයින් විසින් සාමාජිකයින්ට කැරට් අලයක් පෙන්වා ඇති අතර වහල් සාමාජිකත්වයක් සිටින විට සංගමය කියන අයුරින් වර්ජනය කරන බවද ඔහු සඳහන් කරන ලදී.

නමුත් මේවායින් අසරණ වන්නේ රෝගී ජනතාව බවයි බෙල්ලන මහතා පැවසුවේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට මතුව තිබෙන ප්‍රශ්න වල නිර්මාතෘ වන්නේ වෘත්තීය සමිති බවත් මෙම වැඩවර්ජන මෙල්ල කිරීම සඳහා නීතිමය පියවර ගන්නා ලෙසද රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here