ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි

Date:

පාස්ක ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරනවා. කොවිඩ් වසංගත තත්වයත් සමග ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇති බවයි එම ආයතනය පවසන්නේ.

ශ්‍රී ලංකාව සමග පැවති උපදේශන ක්‍රියාදාමය අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නිගමන ඉදිරිපත් කරමින් මුල්‍ය අරමුදල මේ බව පවසනවා.

විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.

විදේශ සංචිත දිගින් දිගටම පහළ යාම හා දිනෙන් දින මුල්‍ය අවශ්‍යතා ඉහළ යාම අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට සමත් වනු ඇති බව පෙන්වා දෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ විදේශ සංචිත නැවත වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

තරුණ විරැකියාව අඩු කිරීම, දූෂණය පිටුදැකීම මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමණාකරණය විධිමත්ව පවත්වාගෙන යාමද IMF නිර්දේශ අතර වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...