*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රුසියානු ආක්‍රමණය මැද අවතැන් වූ යුක්රේන සංචාරකයන්ගේ වීසා නොමිලේ දිගුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා

යුක්රේනයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Agency for International Development – USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ පිළිබඳව ඊයේ (02) දින නිවේදනයක් නිකුත් කරමින් USAID ආයතනයේ මාධ්‍යප්‍රකාශකවරියක වන රෙබෙකා චැලිෆ් මහත්මිය සඳහන් කරන්නේ රුසියානු ආක්‍රමණය සමඟ අවතැන් වූ ශ්‍රී ලංකාවේ සිටින හාරදහසක් පමණ වූ යුක්රේන සංචාරකයන් ගේ වීසා කාලය නොමිලේ දිගුකිරීමට හා ඔවුනට අවශ්‍ය ආහාර පාන සහ නවාතැන් නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එක්සත් ජනපදයේ පැසසුමට ලක්වන බව සමන්තා පවර් මහත්මිය අවධාරණය කළ බවයි.

එමෙන්ම, රුසියාව කල්තබා සැලසුම් කොට නිසි දැනුම්දීමකින් තොරව යුක්රේනයට එරෙහිව සිදුකළ මෙම ආක්‍රමණයට විරුද්ධව ජාත්‍යන්තර ප්‍රජාව වශයෙන් සෑම දෙනෙකුම එක්ව නැඟී සිටිය යුතු බව ද සමන්තා පවර් මහත්මිය මහින්ද සමරසිංහ තානාපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

සම්පූර්ණ නිවේදනය කියවීමට පිවිසෙන්න

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan