*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පුටින් පාසල්, දේවස්ථානවලටත් බෝම්බ දානවා – යුක්රේනයෙන් චෝදනා

යුක්රේන රජයේ හමුදා විසින් ඉන්දියානුවන් ඇතුළු විදෙස් ජාතිකයන් පිරිසක්, රටින් පිටව යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට රුසියාව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේ රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් රුසියාවේ මෙම චෝදනාව ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දීය රජය අවධාරණය කරන්නේ යුක්රේනයෙන් පිටව යන ඉන්දීය ජාතිකයන්ට කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි.

මේ අතර යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. බොහෝ රටවල් සෘජුවම යුක්රේනය වෙනුවෙන් පෙනී සිටියද ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර රුසියානු හමුදා යුක්රේනයේ ඉවත් වියයුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද ඉන්දියාව වැළකී සිටියා.

යුක්රේනයේ පාසල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් සාමාන්‍ය ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියානු හමුදා කටයුතු කරමින් සිටින බවට යුක්රේනය රුසියාවට චෝදනා එල්ල කරනවා. යුක්රේනය පවසන්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ම්ලෙච්ඡ ප්‍රහාර එල්ල කරන බවයි.

ලොවපුරා රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් සමග රුසියානු රූබලය දිනෙන් දින අවප්‍රමාණය වෙමින් තිබෙනවා. මේ නිසා රුසියානුවන් රූබල් වෙනුවට හැකිතරම් විදේශ මුදල් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා. මතුව ඇති තත්වය මත විදෙස් මුදල් මිලදී ගැනීමේදී 30% ක කොමිස් මුදලක් අය කිරීමට රුසියානු මහ බැංකුව තීරණය කර තිබේ. විදෙස් මුදල් මිලදී ගැනීම හැකිතරම් අවම කිරීම සඳහා මෙම තීරණයට එළඹ තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan