ආසියාවම හෙල්ලිලා ගිය මඟුලට ආ Rihanna!

Date:

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානි තම පුතා වෙනුවෙන් ඉන්දියාවම හෙල්ලිලා යන විදියේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කර තිබුණි.

Geo Tv

ඩොලර් බිලියන 114 ක ශුද්ධ වත්කමක් ඇති ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන Reliance හි ප්‍රධානියා සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අම්බානි කිසි විටෙකත් යමක් සිදු කරන්නේ කාගෙන්වත් මඳි පාඩුවක් ඇහෙන්නට නොවන බව මෙම විවාහය පිළිබඳ අවධානයෙන් ඉන්නා ඕනෑම අයෙකුට නොරහසකි.

ඔහුගේ බාල පුත් Anant Ambani ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන 29 හැවිරිදි Radhika Merchant සමඟ සීසන් එක ඇරඹියේ ඉකුත් සිකුරාදා දින වූ අතර එය අමුත්තන් 1,200 කගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහි සිදු වූ සුවිශේෂී සිද්ධීන් අතරින් එකක් වූයේ සුපිරි පොප් සහ R&B ගායිකා රිහානාගේ සම්ප්‍රාප්තියයි. ඇය Anant සහ Radhika ආදරයට නවමු අත්දැකීමක් එක් කරමින් ඇයගේ ඉදිරිපත් කිරීම සිදු කළේ පූර්ව විවාහ මංගල උත්සවය පැමිණි අයවලුන්ටද නොලැබෙන අවස්ථාවක් උඳා කර දෙමිනි.

පසුගිය වසරේ ඇයගේ අමතක නොවන Super Bowl ඉදිරිපත් කිරීමෙන් පසුව, Rihanna සිකුරාදා සවස Anant Ambani සහ Radhika Merchant ගේ පූර්ව විවාහ උත්සවයේදී දුර්ලභාකාරයේ පෞද්ගලික ප්‍රසංගයක් පැවැත්වීය.

මෙය ඉන්දියාවේ රිහානාගේ පළමු අත්දැකීම සනිටුහන් කළ අතර සංදර්ශනයෙන් පසුව, පොප් තරුව ඇගේ මිතුරිය වන මෙලිසා ෆෝඩ් සමඟ Instagram හි ලයිව් යමින්, රිහානා ඉන්දියාවට තම ආදරය ප්‍රකාශ කළ අතර ඇය ඉක්මනින් පිටත්ව යාමට හේතුව ද එහිදී පැහැදිලි කළාය.

Hindustan Times
Asians news
English jagran

Anant ගේ පූර්ව විවාහ මංගල උත්සවයට Bill Gates, Meta’s (META.O), Mark Zuckerberg යන අයවලුන් ද ප්‍රධාන ආරාධිත අමුත්තන් අතර විය.

Business insider

ජම්නගර් නගරයේ පැවැත්වෙන තෙදින උත්සවයට ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් ඇතුළු බොලිවුඩ් තරු ඇතුළු බොලිවුඩය කොලිවුඩය මවිත කළ තරු ද මෙම උත්සවය වෙනුවෙන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...