සමන් රත්නායකගෙන් පැය භාගයක රහස් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

අද පෙරවරු 09ට පමණ මහර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු අධිකරණය වෙත රැගෙනවිත් තිබුණු අතර මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී පැය බාගයක පමණ කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බව සඳහන්.

අනතුරුව සැකකාර සමන් රත්නායක මහතා බන්ධනාගාර නිලධාරින් විසින් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මාර්තු 1 වන දින ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබිණි.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් පසුගිය 01 වැනිදා සමන් රත්නායක මහතා අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට රහස් ප්‍රකාශයක් අවශ්‍ය බව පැවසීමෙන් පසුවයි අද දින එම අවස්ථාව සලසා දී තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...