*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දේශපාලනය පැරද්දූ රටක ජයග්‍රාහීව සිටින ක්‍රිකට්වලට ජය රැක ගැනීමේ අභියෝගයක්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 04, කොළඹ (LNW): වෙහෙසකර මසක කාලයක් දිගට ඇඳෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පළමු මොහොත අද ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතය.ආසන්න මතකය ගත් විට දෙපිළ අතර සුහඳතාවය පළුඳු වි ඇත.ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් නීතියට මුවා වී ක්‍රීඩාවේ ආචාරශිලීභාවයට වෙඩි තබන්නට ශකීබ් අල් හසන් කටයුතු කළ නිසාය.කෙසේ නමුත් ශකීබ් තුන්වන ලෝකයේ දකුණු ආසියාතික රටවල ඡන්ද දායකයාගේ ස්වභාවයට අනුව,එවැනි ක්‍රියා වීර ක්‍රියා සේ පිළිගැනීමේ සමාජ මතයට හේත්තු වි මේ වන විට මහා මැතිවරණයෙන් ජය ගෙන සිටින මහජන නියෝජිතයෙක්ය.මේ තරගාවලියට ඔහු නැත්තේ නමුත් ඒ නිසා නොවේය.ඔහුගේ පෙනීමේ ආබාධයක් නිසාය.


කෙසේ නමුත් බංගලාදේශය ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටකි.කලෙකට ඉහග ශ්‍රී ලංකාවට ගෝනි නූල් ලබාදීමේ කොන්ත්‍රාත්තුවේ සිටි බංගලාදේශය අලුත් ආර්ථික ප්‍රතිපත්ති මත ගොඩ නැඟෙමින් මේ වන විට ශ්‍රී ලංකාවට ණය කඹ ගිල්විය හැකි මට්ටමට සිය ආර්ථිකය සවිමත් කර ගෙන සිටියි.එසේම විදේශ සඳහා ද විවෘත වූ අධ්‍යාපන ක්‍රම නිසා බංගලාදේශය විශාල විදේශ මුදල් ප්‍රමාණයක් උපයන අතර දේශිය වශයෙන් ද මේවා හරහා සැළකිය යුතු මට්ටමෙන් වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් බිහි වෙමින් සිටින අතර එවැනි අයගේ අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන ඩොලර් සංචිත ද බංගලාදේශයේම රඳවා ගන්නට මේ නිසා බංගලාදේශයට හැකි වී ඇත.


කෙසේ නමුත් ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතිහාසයේ සිට වර්ථමානයට පිවිසෙන විට රටේ කීර්තියට කර තිබෙන හානිය සුළු පටු නැත.සමාජයේ තට වචනයෙන් ගත්ත ද බංගලියන්ගෙන් ණය ගන්නට තරමට පත් කර ඇත.එය බංගලාදේශයට අපහාසයට කාරණයක් නොවුණ ද රටවල් දෙකක ගමණ කෙසේ සිඳු වූයේ ද යන්න පිළිබඳ උදාහරණ දෙන්නක්ය.


ඒ අතින් ක්‍රීකට් ශ්‍රී ලංකාව ඉදිරියෙන් තබා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් සහ බංගලාදේශ ක්‍රිකට් විස්සයි විස්ස පිටියේ හමු වූ අවස්ථා 12 දී අවස්ථා නවයකදීම ජයගෙන ඇත්තේ හ්‍රී ලංකාවය.අවසාන අවස්ථා දෙකේද බංගලාදේශය පරාය වී ඇත.එහෙත් ඉකුත් වසරේ එංගලන්තයට එරෙහිව තරග 3-0 ක් ජයක් ලබමින් ද,අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ද,නවසීලන්තයට එරෙහිව 1-1 ක සම ප්‍රතිපලයක් ලබමින්ද ඉදරියට පැමිණි බංගලාදේශය මේ මොහොතේ සිටින තැන පසු කර යාම පහසු නැත.
එහෙත් ඇන්ජලෝ මැතිවිස් සිඳුවීමට තුඩු ඳුන් අවසාන එක්දන තරග හමුවේදී ශ්‍රී ලංකාවේ පරාජයට ඒ ආකාරයේ ක්‍රීඩාශීලී නොවුණු ආචාර සම්පන්නභාවයෙන් මිදුණු පරාජයක් අත් වුව ද,බංගලාදේශය ඒ ලැබූ ජයට වඩා ලොව පුරා ක්‍රිකට් විශිෂ්ඨයන්ගේ හාස්‍යයට සහ දෝශ දර්ශණයට ලක් විය.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඒ මොහොතේ ලෝකය නොපෙරළුව ගලක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ භාරකාරත්වය දරා සිටි දේශපාලනය පෙරළා දැමුවේය.ඒ අනුව ලෝක කුසලානය අතර මැද දේශපාලන උද්ධච්ඡභාවය පෙන්වමින් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරිය අතර ලංකාවේ ක්‍රිකට් හී සාන්තුවරයා ලෙස පෙනී සිටින්නට උත්සාහ දරන ලෝක කුසලානයක් ගෙනෙන්නට නායකත්වය ගත් අර්ජුන රණතුංග ද එවන් මොහොතක ගොස් දේශපාලන ආශිර්වාදයෙන් ක්‍රිකට් මුල් පුටුවේ පැය කිහිපයක් ගැවසී ආස්වාදය ලබා ගැනීමට ඉදිරිපත් විය.
නමුත් ක්‍රිකට් දේශපාලන අතපෙවීම්වලින් මිදී කණ්ඩායම් අභ්‍යණ්තරයේ ඇති කර තිබූ හිත් රිදීම්වලින් ඈත්ව යළි නැගිටින බවක් මේ වන විට දැක ගන්නට තිබෙන අතර ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අතීයට වඩා වෙනස් ලෙස දකින කණ්ඩායමේ ශක්තිමත්භාවය ගැන කරන ප්‍රකාශයේ යටිපෙළෙන් දිවෙනු ඇත්තේ ඒ දේශපාලන සැහැසිකම්වලින් ක්‍රිකට් මිදීමේ ආස්වාදය විය යුතුය.


කෙසේ නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ ඇති වගකීම දේශපාලනමය වශයෙන් රට බංගලිදේශයට පරාජය වන තත්ත්වයට පත් කර තිබියදීත්,ක්‍රිකට්වලින් එවන් ඉරණමක් අත් වෙන්නට නොදී රැක ගත් ජයග්‍රාහී කීර්තිය තව දුරටත් සුරක්ෂිතව පෙරට ගෙන යාමය.ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතමු!
මේ සංචාරය තුළ බංගලිදේශයේ අපහාසාත්මක සහ උපහාසාත්මක නයි නැටුමක රිදීම නොවිදින්නට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ආදරය කරන අය වෙනුවෙන් පිටියේ යුතුකම් ඉටු කිරීමට සහ කණ්ඩායමක් ලෙස දිනන්නට ශ්‍රී ලංකාවට හැකි වෙනු ඇත යන්න අපේ විශ්වාසය මෙන්ම උවමනාව ද වන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan