දේශබන්දු තවමත් අතුරුදහන් වෙද්දී වැලිගම වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාර වෙයි!

Date:

කොළඹ LNW:වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද (04) අධිකරණයට භාර වී තිබේ.

මාතර,වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කළ අතර එම පිරිස අතර වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයද විය.

ඒ අනුව මේ වන විට වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අධිකරණය හමුවේ පෙනී සිටියද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

වාර්තා වූ පරිදි ඔහු රැඳී සිටිය හැකි බවට ස්ථාන 20ක් පරීක්ෂා කර ඇති අතර එම කිසිදු ස්ථානයක ඔහු නොමැති බව කියැවුණි.

එම වෙඩි තැබීම 2023 වසරේ දෙසැම්බර් 31 සිදුව තිබුන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...