බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර!

Date:

කොළඹ LNW:කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි. මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද සහභාගී වූහ.එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.

කාම්බෝජයේ නොම්පෙන් හි සෝකා හෝටලයේ පැවති මෙම අන්තර් ජාතික සමුළුවේ තේමාව වූයේ “මනුෂ්‍යත්වයේ සේවය සඳහා සංස්කෘතික හුවමාරුව” යන්නයි.

එම තේමාව යටතේ පැවති ඉස්ලාම්-බෞද්ධ සමුළුවේදී විශේෂ දේශනය කළ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ට සිය ගෞරවය පිරිනැමූ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය Samdeeh Moha Bor Thipadie Hun Manet මැතිතුමන්ට එහි දී බානගල හිමියෝ ඉන්දියාවේ මුම්බායි හි ජනමාධ්‍යවේදි ශකීල් සිද්දික් (Shakil Siddiqui) මහතා රචනා කළ බානගල නා හිමි චරිතාපදානය ඇතුලත් “අංජලිකරණීයෝ” ග්‍රන්ථය පිරිනැමූහ.

මීට දශක කිහිපයකට පෙර මුස්ලිම් ජනතාව සහ ලෝකයේ අනිත් ආගමික ජනතාව අතර විශාල බෙදීමක් ඈත්වීමක් තිබූ බවත්, ලෝක මුස්ලිම් ලීගයේ ක්‍රියාත්මකභාවය නිසා අද වන විට එම ඈත්වීම තුනී වී යමින් පවතින බවත්,එය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ලෝකයේ බෞද්ධ,මුස්ලිම් කතෝලික, ක්‍රිස්තියානි,හින්දු ආදි වශයෙන් ආගමික වශයෙන් වෙන් වූ පාසල් පවත්වා ගෙන යාම සහ තවදුරටත් ආරම්භ කිරීම නතර සුදුසු බව සිය දේශනයේ දි බානගල උපතිස්ස නා හිමියෝ අවධාරණය කළහ.

මෙම සමුළුවට ලෝක මුස්ලිම් ලීගයේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා මහතා ද (Sheikh Dr.Mohmmed Bin Abdul Karim Al- Issa ) කාම්බෝජයේ උනුලොම් විහාරාධිපති අතිපූජ්‍ය යොන් සෙන් යෙත් නා හිමි ප්‍රමුඛ (Rev.Yon Seng Yeath) බෞද්ධ නා හිමිවරුද ලෝක බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයෝ ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...