රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW:
අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ සඟවා තිබියදී T-56 උණ්ඩ 90ක්, M-16 උණ්ඩ 23ක් සහ අත් වැල් යුගලයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
පොලිසිය පවසන පරිදි, මෙම අවි සහ උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ, මේ මස 20 වැනි දින T-56 ගිනි අවියක් සහ උණ්ඩ 16ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.


