බිත්තර මිල ආපහු වැඩි වෙන්නේ නැහැලු!

කොළඹ LNW:උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පවත්වා තිබුණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබුණු අතර
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඊට එක්ව තිබුණි.

මේ වන විට වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දී ඇත.

ඒ අනුව උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ නොදමා පවතින මිල ගණන් යටතේ පවත්වා ගෙන යාමට බිත්තර නිෂ්පාදන සංගම් මෙහිදී එකඟතාව පළකර තිබේ.

එමෙන්ම හිඟයකින් තොරව කුකුළු මස් මෙම උත්සව සමයේදී ජනතාවට ලබා දෙන බවටත්, කුකුළු මස් මිල දැනටමත් අඩුවෙමින් පවතින බවටත් කුකුළු මස් නිෂ්පාදන හා වෙළෙඳ සංගම් පවසා ඇත.

කෙසේ වෙතත්, සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ගැටලු, සත්ත්ව ආහාරවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහ නිසි විද්‍යාත්මක දැනුම අඩුකම නිසා, සුළු පරිමාණ ගොවීන්ට සත්ත්ව ආහාර නිසි ලෙස සමතුලිත කරගැනීමට අපහසු වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බිත්තර නිෂ්පාදනයට යම් බලපෑමක් එල්ලවී ඇති බවත් මෙම සාකච්ඡාවේදී හදුනා ගෙන තිබේ.

ඒ අනුව සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය හා නිසි ප්‍රමිතිය පවත්වාගැනීමටත්, සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන්නන් ලියාපදිංචියටත්, එම නිෂ්පාදනාගාර පරීක්ෂාවටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී අමාත්‍යවරයා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං නැවතත් තනතුරේ පිහිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ලොව ප්‍රමුඛතම...

ජනපති අනුරට සුබ උපන්දිනයක් !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි උපන්දිනය අදට...

ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ – හුළංගමුව

ජාත්‍යන්තර මූල්ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි...

අද (24) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 24) දිනයේදී උතුරු, නැගෙනහිර...