එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා දුප්පත් රටවලට එරෙහිව ධනවත් රටවල උපක්‍රම හෙලා දකියි

Date:

අද දින(04) කටාර්හි පැවති එක්සත් ජාතීන්ගේ ඌණ සංවර්ධිත රටවල් (LDC) සමුළුවේ ආරම්භක දිනයේ දි සිය දේශනයට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර තිබුණේ, ධනවත් රටවල් සහ බලශක්ති දැවැන්තයින් විසින් ඌණ සංවර්ධිත රටවල් වලින් ඉහළ පොළී අනුපාතයන් අයකරමින් ඉන්දන මිල අඩාල කරමින් ගෙන යනු ලබන ක්‍රියාපිළිවෙළ සාදාරණ නොවන බවයි.

රටවල් සම්පත් සඳහා කුසගින්නෙන් පෙළෙන විට, ණය බරේ ගිලී සිටින විට සහ අසමාන COVID-19 අසාධාරණය සමඟ තවමත් අරගල කරන විට ආර්ථික සංවර්ධනය අභියෝගාත්මක වන අතර ගෝලීය මූල්‍ය පද්ධතිය සැලසුම් කර ඇත්තේ ධනවත් රටවල් විසින්, බොහෝ දුරට ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වන බැවින් ධනවත් රටවල් විසින් අන් අයට උපකාර කිරීම සඳහා නව රැකියා උත්පාදනයට හා ණය බරින් මිදීමට ධනවත් ජාතීන් වාර්ෂිකව ඩොලර් බිලියන 500 ක් ලබා දිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී මෙහිදී යෝජනා කරනු ලැබීය.

මෙම LDC හි සමුළුව සාමාන්‍යයෙන් සෑම වසර 10 කට වරක් පවත්වනු ලබන නමුත් කොරොන වයිරස් වසංගතය හේතුවෙන් 2021 සිට දෙවරක් ප්‍රමාද වී ඇත. මෙවර සමුළුව සඳහා ලෝකයේ කිසිදු ප්‍රධාන ආර්ථිකයකින් කිසිදු නායකයෙක් සහභාගී නොවූ අතර මෙවර මලාවි ජනාධිපති Lazarus Chakwera, ජාත්‍යන්තර ප්‍රජාව විසින් දෙන ලද “කඩවුණු පොරොන්දු පිළිබඳ විවේචනය කරමින් ප්‍රකාශ කර තිබුණේ ධනවත් රටවල් විසින් දුප්පත් රටවල් වෙනුවෙන් ආධාර ලබා දීම අනුග්‍රහයක් හෝ පුණ්‍ය ක්‍රියාවත් නෙවන බවත් එය සදාචාරාත්මක වගකීමක් වන බවත්ය.

මෙවර සමුළුවේ යෝජනා යටතේ නියඟය සහ ඉහළ මිල ගණන් හේතුවෙන් සාගින්න අර්බුදවලට මුහුණ දෙන රටවලට උපකාර කිරීම සඳහා ආහාර තොග ගබඩා කිරීමේ පද්ධතියක් නිර්මාණය කර ගැනීම හා ණයවල බලපෑම ලිහිල් කිරීම සඳහා පොලී අනුපාත අඩු කිරීමට උපකාර කිරීම සඳහා ආයෝජන මධ්‍යස්ථානයක් පිළිබඳ අදහස් ඉදිරිපත්ව ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...