*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න! මැතිවරණය නොතිබ්බොත් ආණ්ඩුවට වෙන දේ නීතීඥ වටගල කියයි! (VIDEO)

වගකිව යුතු දේශපාලන පාර්ශ්වයන් මෙන්ම, නිලධාරී පාර්ශවයත් පළාත් පාලන මැතිවරණයට අදාළ කුමන්ත්‍රණය පසෙක දමා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුගත වී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක දී ඡන්ද අයිතිය ලබා දීමට කටයුතු කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතීඥයෝ එකමුතුවේ නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින (04 ) ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කැඳවූ මාධ්‍ය හමුව අමතමිනි.

“පළාත් පාලන මැතිවරණයට අදාළව, ඊයේ දවසේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතුරු තහනම් නියෝග දෙක සම්බන්ධයෙන් හා මේ මැතිවරණය කල්යැවීම වැළැක්වීම වෙනුවෙන් පසුගිය 26 වැනිදා ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද සාමකාමී උද්ඝෝෂණයට එල්ල කරන ලද අනීතික කඳුළු ගෑස් ප්‍රහාරය පිළිබඳව කරුණු දැක්වීමට බලාපොරොත්තු වනවා. විශේෂයෙන් අනීතික කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් රත්නපුර සහෝදරයෙක් මිය ගියා. තවත් ඉංජිනේරු මහතෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

මේ පළාත් පාලන මැතිවරණය කල්යාමට නියමිතව තිබුණා. මැතිවරණ කොමිසමෙන් අදාළ ඊළඟ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා. එසේ තිබියෙදී තමයි, මේ මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝග දෙකක් පනවලා වහාම මේ මැතිවරණ පැවැත්විය යුතුයි කියන තැනට මේ දේශපාලන කරළිය ගෙනවිත් තිබෙන්නේ. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය බලෙන් පැහැර ගන්න උත්සාහ කළ අවස්ථාවක ඊට මැදිහත්වෙලා ජනතා පරමාධිපත්‍යය තහවුරු කළ යුතුයි කියන තැනට ගෙනත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාළව පැමිණි ප්‍රධානතම බාධාව තමයි මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වෙලා වියදම් සීමා කිරීමකට තීරණයක් අරගෙන තිබීම. ඒ තීන්දුව මත පදනම්ව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ චක්‍රලේඛය ඇතුලේ පළාත් පාලන මැතිවරණය නැහැ. ඒගොල්ලෝ තර්කයක් හැදුවා මුදල් අමාත්‍යාංශයෙන් පළාත් පාලන මැතිවරණයට අදාළව මුදල් නිකුත් කරන්නේ නැහැ කියලා.

සරලව කියනවා නම්, මුදල් අමාත්‍යාංශය විදිහට රනිල් වික්‍රමසිංහ තීරණයක් අරගෙන තිබෙනවා කැබිනට් මණ්ඩලයත් එක්ක ඒ ගොල්ලෝ පළාත් පාලන මැතිවරණයට 2023 අයවැයෙන් වෙන් වුණු රුපියල් බිලියන දහය මේ මොහොතේ දෙන්නේ නැහැයි කියා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඒ වෙන්වුණු රුපියල් බිලියන දහය නිදහස් කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වෙලා ඒ බාධාව ඉවත් කළා. මේ පළාත් පාලන මැතිවරණය බකල් කළේ, කැබිනට් මණ්ඩලයයි. විශේෂයෙන් මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහයි. තවත් රාජ්‍ය නිලධාරීන් පස්දෙනෙක් අර කුමන්ත්‍රණයටම සම්බන්ධ වෙලා පළාත් පාලන මැතිවරණය වැළැක්වීමට හවුල් වුණා. මහා භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන. මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා, අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට. මේ නිලධාරීන් කැබිනට් මණ්ඩලයේ කුමන්ත්‍රණය දිගුවක් ලෙස අරගෙන ගියා. දේශපාලන අධිකාරියට වගේම මේ අතුරු තහනම් නියෝග දෙක බලපා තිබෙනවා මේ රාජ්‍ය නිලධාරීන්ටත්.

මේ තීන්දුවට අනුව දැන් මහා භාණ්ඩාගාරයේ ලේකම්ට මුදල් ලැබෙනවා. ඒ ලැබෙන මුදල රඳවා තබා ගන්නේ නැතිව, ඒ මුදල ගංඟානි ලියනගේට දෙන්න ඕනෙ. මුද්‍රණාලයාධිපතිනිය මීට අදාළ මැදිහත්වීම කර, නවත්වපු තැන සිට නැවත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා සමස්ත මැතිවරණ ක්‍රියාවලියට හවුල් විය යුතු බවට අතුරු නියෝගයේ තිබෙනවා.

“මට සල්ලි දෙන්නේ නැතිව නිලධාරීන් දීමට නොහැකියි” බව පවසා සිටි පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්නට එහෙම කියන්න බැහැ. එයත් මේ තීන්දුවෙන් බැඳෙනවා. මේ පෙත්සමේ දෙවෙනි වගඋත්තරකරු මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංත් මේ තීන්දුවෙන් බැඳෙනවා. එකක් ඔහු ආරක්ෂක ඇමතිවරයා. ඔහු යටතේ ආරක්ෂක ලේකම්වරයාත්, ඒ යටතේ පොලිස්පතිවරයාත් ක්‍රියාත්මක වෙනවා. නීතිපතිවරයා ක්‍රියාත්මක වෙන්නේ දෙවන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. නීතිපතිවරයා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඊයේ උසාවියේ පෙනී සිටියා. මේ අනුව පොලිස්පතිවරයාට මැතිවරණය පැවැත්වීම සඳහා සහයෝගය දෙන්න බැහැයි කියා පැවසිය නොහැකියි. නමවැනි වගඋත්තරකරු නීතිපතිවරයායි. ඔහු මේ සෑම දෙයකින්ම සියලුම වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරන්න බැඳෙනවා. විශේෂයෙන් දෙවන වගඋත්තරකරු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. මේ තීන්දුව ක්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක විය යුතුයි.

2023 පෙබරවාරි මාසේ 17වැනිදා තැපැල් ඡන්ද අත්හිටුවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. තැපැල් ඡන්ද ඒමට නියමිතව තිබුණේ පෙබරවාරි 22, 23, 24. ඒ අනුව ඡන්ද කටයුතු නතර වුණා. ඊයේ නිල වශයෙන් ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන්න නියමිතව තිබුණා. මේ ඡන්ද කටයුතු අඩාලවෙලා තිබෙන්නේ දින 17ක් නම් ඒ දින 17 ඉදිරියට ගෙනියන්න. එහෙම ගතහොත් මැතිවරණයට මේ මාසය තුළම දිනයක් එනවා. තව දින කිහිපයක් වුවමනා නම්, අඩුම තරමින් මේ මැතිවරණය අප්‍රේල් මුල් සතියට ගන්න. එසේ නොවුණහොත් විශාල අගතියක් දේශපාලන ව්‍යාපාරවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට සිදුවෙනවා. මේ මැතිවරණයේ ඇප තැන්පත් කරලා, නාම යෝජනා බාරදීලා, දින තිස් ගණනක් මෙහි කැම්පේන් එක කරලා තිබුණේ. මැතිවරණ කොමිසම දීර්ඝ දිනයක් ලබාදීමට කටයුතු කළොත්, රටේ පුරවැසියන්ටත්, දේශපාලන පක්ෂවලටත්, ස්වාධීන කණ්ඩායමවලටත් අගතියක් සිදුවීම වළක්වන්න බැහැ.

කොමිසම මේ නඩුවේ වගඋත්තරකරුවන් කර තිබෙනවා. මේ තීන්දුවෙන් කොමිසමත් බැඳෙනවා. කොමිසම මහජනතාවගේ පැත්තෙන් හිතනවා නම්, ඉතාම ළඟ දිනයක් ලබාදී මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතුයි. මේ අධිකරණ තීන්දුව නොසලකා හරින්නේ නම්, අධිකරණයට සිදුකරන අපහාසයට අදාළව මේ නිලධාරීන්ටත්, ඔහුගේ නියෝජිතයන්ටත් වන්දි ගෙවන්න සිදුවෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි ඉල්ලීමක් කරනවා, වගකිවයුතු දේශපාලන පාර්ශ්වයෙන් වගේම, නිලධාරී පාර්ශ්වයෙනුත් ඔබලාගේ කුමන්ත්‍රණය පසෙකට දමා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුගත වෙලා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගන්න තිබෙන ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan