SLS ප්‍රමිති ලාංඡනය නොමැති ටින් මාළු පිළිබඳ අනාවරණයක්

Date:

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් ටින් මාළුවල SLS ප්‍රමිති ලාංඡනය නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

SLS ප්‍රමිති ලංඡනය නොමැති බවට දේශීය නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි හෝ තොරතුරු ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියට යොමුකළ හැකිය.

SLS ලංඡනය ලබාදී ඇති ටින් මාළුවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු පවතී නම්, එම පැමිණිලි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත සෘජුවම යොමු කළ හැකි බව එම ආයතනය පාරිභෝගිකයන්ට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS සහතිකය නිකුත් කළ ටින් මාළු වෙළෙඳනාම සහ අදාළ නිෂ්පාදකයින් පිළිබඳව තොරතුරු පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත අඛණ්ඩව දැනුම්දෙන බවත් මේ වනවිට දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන 12කට අයත් වෙළෙඳ නාම 33ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නිකුත් කර ඇති බවත් සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආනයනික ටින් මාළු ද දේශීය වෙළෙඳපොලේ පවතින අතර නිෂ්පාදිත රට, ලේබලයේ සඳහන් කර ඇති හෙයින් ආනයනික ටින් මාළු පහසුවෙන් හඳුනාගත හැකි බවත්, ආනයනික ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවුන ද එම ආනයනික ටින් මාළු වරාය රේගු නිෂ්කාශනයට පෙර, නිසි ගුණාත්මක ප්‍රමිතිය යටතේ ඇත්දැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් විද්‍යාගාර පරීක්ෂාවකට යොමු කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...