ශ්‍රී ලංකාව ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ 115 ස්ථානයට පසු බසියි

Date:

ලොව රටවල් ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර දර්ශකයක් වන Brand Finance ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 115 වන ස්ථානයට පසු බැස තිබෙනවා.

එම දර්ශකයට අනුව පසුගිය වසරේදී 73 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව රටවල් 42 කට පසුබසුමින් මෙම ස්ථානයට පත් වී තිබේ. මෙම කරුනු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව Brand Finance ආයතනය පසුගියදා (2023 මාර්තු 02 )එළි දැක්වූ නවතම වාර්තාවට අනුවයි.

එම වාර්තාව පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපලතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණ දෙමින් සිටින බවයි.එමෙන් මෙම ගෝලීය දර්ශකයට අනුව ව මෙම වසරේ පසුබෑම අතින් ඉහලම තත්වයක් වාර්තා කරන රට ද ශ්‍රී ලංකාව වේ.

මෙම දර්ශකයට අනුව බරපතල ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව,මියන්මාරය යන රටවල් පිලිවෙලින් 113,සහ 114 යන ස්ථාන වල පසුවන අතර ඉරාකය 116 වන තැනද ලාඕසය 117 ස්ථානයේ සහ උගන්ඩාව 118 වන ස්ථානයේ පසුවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...