හැමදේම වැඩි වෙනවා, අපිටත් දැං අමාරුයි – CEB

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මෙරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සතුව තිබුණද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම ආයතනය පවසන්නේ.

වසරේ පළමු කාර්තුව තුළ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ජල ධාරිතාවයක් නොලැබෙන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා එම කාලසීමාව තුළ ඉන්ධන වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදුවන බව පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය පවසන්නේ ඉන්ධන සපයා ගැනීමද මේ වනවිට අර්බුදයට ගොස් ඇති බවයි.

දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ අභියෝගයකට මුහුණ දී සිටින අත මේ නිසා තවදුරටත් ණය පදනම මත ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ නිසා විදුලිබල මණ්ඩලයද දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණදෙමින් සිටී. මෙම තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...