හැමදේම වැඩි වෙනවා, අපිටත් දැං අමාරුයි – CEB

විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මෙරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සතුව තිබුණද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම ආයතනය පවසන්නේ.

වසරේ පළමු කාර්තුව තුළ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ජල ධාරිතාවයක් නොලැබෙන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා එම කාලසීමාව තුළ ඉන්ධන වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදුවන බව පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය පවසන්නේ ඉන්ධන සපයා ගැනීමද මේ වනවිට අර්බුදයට ගොස් ඇති බවයි.

දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ අභියෝගයකට මුහුණ දී සිටින අත මේ නිසා තවදුරටත් ණය පදනම මත ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ නිසා විදුලිබල මණ්ඩලයද දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණදෙමින් සිටී. මෙම තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...