මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල

Date:

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන සියලු දෙනා කැබිනට් තනතුරු අත්හැරිය යුතු බවට සාකච්ඡාවක් එම කණ්ඩායම තුළ ඇතිව තිබෙනවා.

මෙම කණ්ඩායම තුළ කැබිනට් ඇමතිවරුන් 05 දෙනෙකු සිටියද ඇමති තනතුරුවලින් පහ කළේ වීරවංශ මහතා සහ ගම්මන්පිල මහතා පමණි. වාසුදේව නානායක්කාර මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ඇමති ධුරයෙන් ඉවත් නොවන බවයි. කෙසේ නමුත් අමාත්‍යංශයේ කටයුතුවලින් ඉවත් වන බව ඔහු පවසා තිබෙනවා.

මේ අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රීලනිපය ඇමති තනතුරු අත්හැරිය යුතු බවට සාකච්ඡා වුවද එම සෑම අවස්ථාවකදීම නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

පසුගියදා පැවති ශ්‍රීලනිප සමුළුවකදී පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කරන ඕනෑම අවස්ථාවක සියලු තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...