*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්

තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.

වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීම පිළිබඳව සිය තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායම අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේදී තනතුරු ලැබේද නොලැබේද යන්න සලකා නොබලන බවත්, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

පක්ෂ 11 කණ්ඩායම පසුගියදා රැස්වීමක් සංවිධානය කළේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සහ අර්බුදයෙන් රට ගොඩ ගන්නා වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන ඇමතිවරුන්ගේ තනතුරු අහිමි කිරීම ආර්ථික අර්බුදයනේ ගොඩ එන විසඳුම ලෙස ආණ්ඩුවේ නායකයන් තේරුම් ගෙන ඇති බවයි.

මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් ජනාධිපතිවරයා යටතේ, වත්ම්න ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට කිසිදු බලාපොරෙත්තුවක් නොමැති බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan