සී.බී. ගේ ප්‍රශ්නයත් විසඳෙයි. විමලවීර ආපදා කළමනාකරණයට

Date:

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් සී.බී. රත්නායක මහතා අද (04) ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දී තිබේ.

මීට පෙර ඒ මහතා වනජීවී කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නමුත් වන සංරක්ෂණයට අදාළ විෂය පථයන් බෙදීයාම සම්බන්ධයෙන් එහි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමග නිරන්තරයෙන් ගැටලු ඇතිවී තිබිණි. ඒ තත්වය මත සී.බී. රත්නායක මහතා පසුවූයේ දැඩි කළකිරීමකිනි.

ඒ අනුව අද දිනයේදී විමලවීර දිසානායක මහතාව වන සංරක්ෂණයෙන් ඉවත්කර ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත. ආපදා කළමනාකරණ විෂය මීට පෙර පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...