*
Monday, May 6, 2024
spot_img

Latest Posts

විමල් හා ගම්මන්පිල කළ සාහසික අපරාධ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා – පතිරණ

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙදෙනා සිය ප්‍රබල අමාත්‍ය ධුර යොදාගෙන අර්බුද නිර්මාණය කිරීම යනු රටේ අහිංසක ජනතාවට එරෙහිව සිදුකළ සාහසික අපරාධයක් බවත් ඔවුන් කළ කුමන්ත්‍රණ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.


විමල් හා ගම්මන්පිල සිය ප්‍රබල අමාත්‍ය ධුර යොදාගෙන අර්බුද නිර්මාණය කිරීම දේශපාලන වරදක් නොව, අහිංසක ජනතාවට එරෙහිව කළ සාහසික අපරාධයකි. එම අර්බුදය නිසාවෙන්, ඉන්ධන පෝලිම්වල සිටින පොදු මහ ජනතාවගේ අසරණ මුහුණු දුටුවිට අප තුළ නැගෙන වරදකාරී හැඟීම ප්‍රකාශ කළ නොහැකි තරම් මහත්ය. එවන් තත්වයක් නිර්මාණය කිරීම සඳහා විමල් හා ගම්මන්පිල කළ කුමණ්ත්‍රණය කිසිදාක සමාව දිය නොහැකි තරමේ ඒවා ය. ඒ සියල්ල කළේ තම අනාගත බලලෝභී දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් නම් ඔවුන්ට කිසිදාක සමාව දිය නොහැකිය.

මොවුන් දෙදන විසින් විවිධ අවස්ථාවල ආණ්ඩුවේ ගමනට බාධා එල්ල කරන විට ජනාධිපතිතුමා ඒ සියල්ල ඉවසා සිටියේ අද හෝ හෙට ඔවුන් නිවැරැදි වනු ඇතැයි සිතමින්ය. වසංගතයකට හා ඉන් නිපන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අතරතුර එකාවන්ව නැගී සිටිය යුතු කැබිනට්ටුව තුළ වන සාමූහික වගකීම ගැන තුට්ටුවකට මායිම් නොකළ මේ ඇමතිවරු දෙපළ ජනාධිපතිතුමාගේ ඉවසීමේ සීමාව නිරන්තර ව පරීක්ෂා කිරීමට පටන් ගත්තේ රටේ ජනතාව තුළ ආණ්ඩුව ගැන අමූලික විවේචන නිර්මාණය කරමිනි. අවසානයේ මේ දෙපළ තම ක්‍රියා තුළ කොතරම් සාහසික වූයේ ද කිවහොත් රට අද තිබෙන තැනට පත් කිරීමට පසුබිම සැකසූ හිටපු ජනාධිපති සිරිසේන සමග එකතු වී නව සංධාන නිර්මාණය කරන තැනට ම වැටුණේය.

විමල්ට හා ගම්මන්පිලට ලබා දී තිබුණේ රටේ වැදගත් ම අමාත්‍යාංශ දෙකකි. කර්මාන්ත අමාත්‍යාංශය තුළ පවතින ආයතන රැසකි. බලශක්ති අමාත්‍යාංශය ද එවැනි ම ප්‍රබල එකකි. එහෙත් මේ දෙදෙනා ම තම බරපතල කැබිනට් වගකීම ඉවත දමමින් හැසිරුණේ විපක්ෂ දේශපාලකයින් පරිදිය. කැබිනට්ටුවේ ම සිටිමින්, එහි සියළු වරප්‍රසාද ලබමින් තමන් ආණ්ඩුවට සම්බන්ධ නොවන ආකාරයක හැඟීමක් නිර්මාණය කිරීමට දෙදෙනා නිති වෙහෙසුණහ. ආණ්ඩුවේ ජයග්‍රහණවල දී එහි කීර්තියට පූර්ණ හිමිකම් කියන මොවුහු අභියෝගකාරි සෑම අවස්ථාවකම දීම එහි විපාක අනෙකාට දීමට කටයුතු කළහ. මෙය ඉවසිය හැකි සීමාවක් තිබෙනු ඇත. එහෙත් විමල්ලා ඒ සියළු සීමා ඉක්මවා ගියේය. පිහියක් රත්තරනින් තනා තිබුණ ද ඉන් ඇණගැනීම මාරාන්තික වන්නේය. ඒ අනුව, මේ අර්බුදකාරි අවස්ථාවේ දී, සියළු දේශපාලන අරමුණු පසෙකින් තබා කළ යුතු ජනතා සේවය කිරීමට නම් අඟේ සිට කණ කන හා නැගිටගෙන එන විට කකුල් මාට්ටු දමන කිසිවෙකු සිටීනම් ඉවත් කළ යුතු වේ. මන්ද මේ දේශපාලනය කිරීමට වෙලාව නොව, රාජ්‍ය පාලනය කිරීමට වේලාවයි.

  • මහින්ද පතිරණ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan