ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන්නා ෂේන් වෝර්න් ජීවන ඉනිම නිමා කරයි

හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝර්න් දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මියගොස් තිබෙන්නේ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි.

මෙතෙක් ක්‍රිකට් පිටියේ හොඳම පාදඟ පන්දු යවන්නා වූ ෂේන් වෝර්න් මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.

හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සුපිරි කඩුලු රකින්නෙකු වූ රොඩ්නි මාෂ්ගේ අභාවයෙන් පැය කිහිපයකට පසු ෂේන් වෝන්ර්ද සිය ජීවන ඉනිම නිමා කිරීම විශේෂත්වයකි.

UN