අපි මීට කලින් මීට වඩා පඩි වැඩිකරගෙන තියෙනවා. මේක මේ ඉතිහාසයේ අඩුම එකක් – මහබැංකු වෘත්තීය සමිති

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයින්ට ලැබී ඇත්තේ 24% – 32% අතර වැටුප් වැඩිවීමක් බවත් එයිනුත් සැලකිය යුතු කොටසක් බදු වශයෙන් නැවත මහාභාණ්ඩාගාරයට යන බවත් ශ්‍රී ලංකා මහබැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

“සේවකයන්ට ලැබුණු වැටුප් වැඩිවීම තියෙන්නේ 24% – 32% අතර පරාසයේ. ඒ කියන්නෙ වැඩිවෙච්ච වැඩිවීමෙන් සෑහෙන කොටසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා නැවතත් මහාභාණ්ඩාගාරයට නැවතත් බදු වශයෙන් අපගෙන් අඩුවෙලා යනවා. සේවකයින් සමස්ත ප්‍රමාණය ඉන්නේ 1200ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඉතින් එයිනුත් නිලධාරීන් සිටින්නේ 600ක් වැනි ප්‍රමාණයක්. එයින් 100කට ආසන්න ප්‍රමාණයක්, ඒ කියන්නෙ හයෙන් එකක් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් තුළ ඉවත්වෙලා ගියා නම් මේ වෙලාවේත් මේ පඩි වැඩිවීම නොකළා නම්, සිද්ධ වෙන්නෙ ඇත්තටම කුමක්ද ? මේ පිරිසෙනුත් තවත් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් වෙලා ගිහිල්ලා මහබැංකුවේ කටයුතු පවත්වාගෙන යාමට බැරි තත්වයට පත්වෙනවා. එතකොට ඇත්තටම අතීතයේ සේවකයින්ට ලැබිච්ච පඩි වැඩිවීම් එක්ක බලද්දී ඉතිහාසයේ ලැබිච්ච අඩුම වැටුප් වැඩිවීමක් තමයි සේවකයින්ට ලැබිලා තියෙන්නෙ”

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...