*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 116 වැනි ස්මාර්ට් පන්ති කාමරය බූන්දල තෙලුල්ල කණිටු විද්‍යාලයට

තමා සෑම විටම ‘බෙදනවා’ යැයි විවිධ පාර්ශ්ව විවිධ කතා කියන බවත් තමා බෙදන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය පරිගණක, සුහුරු පුවරු, මුද්‍රණ යන්ත්‍ර, අන්තර්ජාල සම්බන්ධතා, මලලසේකර ශබ්දකෝෂ ආදිය බවත් ඊට අමතරව ගුරුවරුන්ට ජාත්‍යන්තර පුහුනුවක් පවා ලබා දෙන බවත් රටේ ප්‍රධානියෝ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගන බවට පුරසාරම් දෙඩුවත් සමහර පාසල්වලට අන්තර්ජාල පහසුකම් පවා නොමැති බවත් රජයට බැරි ඒ දේ සක්වල වැඩසටහන හරහා සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම උපකරණ ලබා දීම හුදෙක් බෙදිල්ලක් ලෙස නොසලකන ලෙසත් මෙම වැඩසටහන්වලට විරුද්ධව කතා කරන්නේ කාඩ්බෝඩ් සමාජවාදීන් බවත් මොවුන් සමාජ සාධාරණත්වය, යුක්තිය හා සමාජ විප්ලව ගැන කතා කරත් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට විරුද්ධ බවත් ඔවුන් එසේ විරුද්ධ වුවත් තමන්ගේ දරුවන්ට පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවල හොඳම ඉංග්‍රීසි භාෂා තොරතුරු තාක්ෂණය උගන්වන බවත් ඒ නිසා ඔවුන් කාඩ්බෝඩ් විප්ලවවාදීන් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය මෙරට අධ්‍යාපනයේ ඇති කරන්න යන්නේ කාඩ්බෝඩ් විප්ලවයක් නොව සාධනීය විප්ලවයක් බවත් ඒ විප්ලවය හරහා අද අධ්‍යාපනයේ ඇති බෙදීම ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට බූන්දල, තෙලුල්ල කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා 116වන සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා (02) එක්වෙමිනි. මීට අමතරව පාසලේ නර්තන කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් ද ඒ මහතා එහිදී සිදු කළේය.

පාසල් ළමුන්ට දෙන දේට අකුල් හෙළන සමාජයක් මේක

මෙම 116 වැනි පියවර මෙම පාසලට ලබා දෙන්න යන මොහොතේ එක්තරා පාර්ශ්වයක් පැමිණ මෙම උපකරණ බාර නොගන්නා ලෙසත් ඔවුන් ඒවා ලබා දෙන්නම් යැයි පවසා ඇති බවත් ඒ තුළින් අප රටේ සමහරුන්ගේ සිතිවිලි සහ ක්‍රියාවල බංකොලොත්භාවය ගැන සිතා ගත හැකි බවත් ඩොලර් බිලියන 90ක ණය උගුලක සිර වෙලා ඉන්න අපි ඉන් ගොඩ ඒමට නම් ජාති ආගම් කුල මළ පක්ෂ භේදයකින් තොරව සැවොම එකට එකතු වී කටයුතු කළ යුතු බවත්විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පවුල් පාලනයක් රටම බංකොලොත් කළා

ජනතාවගේ වරම ලබා ගෙන රාජ්‍ය බලය අරගෙන හැම බිම් අගලක්ම එක පවුලකට ලබා ගෙන මිනිසුන්ගේ ජීවිත පාලනය කිරීම පවා ඔවුන්ගේ පවුල අතට ගෙන ආර්ථික ත්‍රස්තවාදීන් රට බංකොලොත් කළ බවත් මොවුන් අධිකරනයට හමුවට ගෙනවිත් ඔවුන් රටට අහිමි කළ දේපල සම්පත නැවත වරක් අපේ රටේ දූදරුවන්ට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපිට හොරු එක්ක ඩීල් නැහැ

තමා සහ තමාගේ කණ්ඩායම කිසිදු අවස්ථාවක හොරු සමඟ ඩීල් දමා නොමැති බවත් රට බංකොලොත් කිරිමට හේතු වූ පුද්ගලයන් ජනාධිපතිවරු කරන්න කිසිදු දිනක ගෙන් ගෙට නොගිය බවත් පවුල් පාලනය වෙනුවෙන් කඩේ නොගිය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 116ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1158ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan