බාල ඖෂධ : විශේෂඥ වෛද්‍යවරුන්ගේ වංචා යට ගහන්න පැපොල් ඇපල් කරන ගේමක් – කුමුදේශ් හෙළිකරයි

Date:

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ වංචාව හෙළිදරව් වීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් යම් පිරිසක් බන්ධනාගාරගත කර ඇතත් එම වංචාව සිදුකෙරුණු ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර එය සුජාත කිරීම සඳහා ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

“මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිද්ධ වෙච්ච වංචනික ජාලගත ක්‍රියාවලියෙන් ගත්ත බඩු, ඒ ඖෂධ, සැපයුම් දැන් තමයි රෝහල්වලට එන්නෙ. එහෙම දැන් රෝහල්වලට එනකොට අපි විශ්වාස කරනවා නම් අලුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා නවත්වනවා කියලා, අපට තවම එහෙම තත්වයක් පේන්න නෑ. අපි මේ ඉතාම ප්‍රාමාණික තොරතුරු ඉදිරිපත් කරන්නෙ චෝදනාවක් කරන්න ඉස්සෙල්ලා, අපට පේනවා මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත වතාවක් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හිටපු නැති විශේෂඥ වෙද්‍යවරු හිටපු නැති අඩුව, වාඩුව මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගන්න උත්සාහ කරනවා මිස ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරන ලද වංචනික ක්‍රියා පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමක් කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙලාවේ උපදෙස් දෙමින් ඉන්නෙත් සමහර වෙලාවට මේ තාක්ෂණික මාෆියාවේ තැරැව්කාරයෝ විදියට පෙනී හිටපු අය. මේකට ප්‍රධාන හේතුවක් විදියට අපි දකිනවා මේ වෙලාවේ ඒ සමහර ජාලගත වංචනික ප්‍රසම්පාදන ක්‍රියාවලිය සුජාත කිරීම සඳහා පැපොල් ඇපල් කරන වාර්තා ලබාදීමට සමහර විශේෂඥ වාර්තා කැඳවමින් ඉන්නවා. අපි තොරතුරු හෙළිදරව් කරන්න ලෑස්තියි මේවා සම්බන්ධයෙන් හරියට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරන්නේ නැත්නම්”

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...