උද්දික නව පාරකින් වෙනස් ගමනකට සැරසෙන ලකුණු!

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මේ වන විට රට හැර ගොස් සිටින අතර, තමන් ජාතික ජන බලවේගය සමඟ එක්වී යළි සිය දේශපාලන ගමන අරඹන බව මෙරට හිතවතුන් සමග පවසා තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

උද්දික තම පාර්ලිමේන්තු මන්‍ත්‍රීධුරයෙන් ඉවත් වවිමට ආසන්න කාලයේදී මෙරට වත්මන් දේශපාලන ක්‍රමය දැඩිව විවේචනය කරමින් තමන්ට ඇති කළකිරීම ප්‍රකාශ කර තිබුණු අතර , තමන් දැනට කැනඩාවේ පදිංචිව සිටියත් ඉතා ඉක්මනින්ම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව පවසා ඇතැයි වාර්තා වේ.

කැනඩාවේ සිට අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වමින් පවසා ඇත්තේ රටේ වර්තමාන ක්‍රමය වෙනස් කිරීම සදහා අරගලයකට තමන් සූදානම් බවයි.

පසුගියදා අනාරාධපුරයේදී මන්ත්‍රීවරයාගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය පාදක කරගනිමින් ඔහු කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඇති බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

මේ වන විට සිය දරු පවුල සමගින් ඔහු කැනඩාවේ පදිංචිව සිටින අතර ඔහු දේශපාලනයට පැමිණියේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණයේ සාමාජිකයකු ලෙස පොහොට්ටු ලකුණික් තරග කරමිනි,.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...