වසර 10කට අධික කාලයක් වල්වැදී ඇති ශ්‍රියාගම ප්‍රජා ශාලාව යළි සංවර්ධනය කරන ලෙස ජනතා ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:පාතහේවාහැට ශ්‍රියාගම ග්‍රාමය සංවර්ධනයේදී ඉදි කරන ලද අංග සම්පූර්ණ ප්‍රජා ශාලාව භාවිතයෙන් තොර වීම නිසා මේ වන විට දැඩි ලෙස අබලන්වී කඩා වැටෙන තත්ත්තවයට පත්ව තිබේ.

එම ග්‍රාමයේ මහජනතාව වෙනුවෙන් වර්ෂ 1984දී ඒකක 55කින් සමන්විත නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කොට නිවෙස්ලාභීන් සඳහා පරිත්‍යාග කොට ඇති අතර එය සංකේතවත් කරමින් මෙම ප්‍රජා ශාලාව ඉදි කොට ඇත.

පර්චස් 50කට අධික භූමි වපසරියක ව්‍යාප්තවී ඇති මෙම ප්‍රජා ශාලාව ප්‍රධාන ශාලාවක්, සාකච්ඡා කාමර, ගබඩාව, වැසිකිලි ආදියෙන් සමන්විතය. එකවර 500කට පමණ රැස්වී සාකච්ඡා කළ හැකි මෙම ශාලාව ආරම්භක යුගයේදී වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකින් ද සමන්විත විය.

එම වකවානුවේදී ශ්‍රීයාගම ග්‍රාමයේ ළඳරුවන් වෙනුවෙන් පෙර පාසලක් ද මෙම ස්ථානයේ පවත්වා ගෙන ගොස් ඇති නමුත් පසු කාලීනව ඒ සියල්ල ඉවත් වී ඇත. විවිධ පාර්ශවයන් විසින් ආරක්ෂා කර ගෙන පැමිණි ගොඩනැගිල්ලේ අයිතිය පසුකාලීනව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවට පැවරී ඇති නමුත් එතැන් සිට මේ දක්වා ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමක් හෝ නඩත්තු කිරීමක් සිදුවී නැතැයි ගම්වාසීන් කියති.

ගොඩනැගිල්ල අගුලු දමා එහි යතුර ප්‍රාදේශීය සභාව වෙත රැගෙන ගොස් ඇති බවත් මෙම ස්ථානය රැක ගැනිමට එම බලධාරීන් කටයුතු කර නැති බව ද ඔවුන් සඳහන් කරති.

මේ වන විට ප්‍රධාන ගොඩනැල්ලේ වහලය දැඩි ලෙස අබලන් වී ඇති අතර වැසි ජලයට තෙමීම හේතුවෙන් පරාල ආදිය ද දිරාපත්වී වහලට කඩා වැටීමේ අවදානමක් පවතී. අවට බොහෝ ස්ථානවල උළු ගැලවී බිමට වැටී තිබේ.

ශ්‍රීයාගම ග්‍රාමයට ප්‍රවේශවන ස්ථානයේ ප්‍රධන මාර්ගය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල අලුත් වැඩියා කොට වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානයක් හෝ ආදායම් උත්පාදනය කළ හැකි ග්‍රාමීය කර්මාන්තයක් වැනි යමක් ආරම්භ කිරීම මගින් රැකියා විරහිත තරුණ තරුණීයන්ට ආදායම් ලැබීමේ අවස්ථා උදාවන බව ද ගම්වාසීන් සඳහන් කරයි.

වසර 10කට අධීක කාලයක් අබලන්වී භාවිතයෙන් තොරව පවතින මෙම ගොඩනැගිල්ල යළි ගමට සේවයක් ලබා ගත හැකි තත්ත්වයට පත් කරන ලෙස ද ගම්මාවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...