මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් !

Date:

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ (LNW):

මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 3කින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

ස්වාධීන කණ්ඩායම් 19 ක් ද ඇප තැන්පත් කර ඇති බවත්, ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප තැන්පත් කර ඇති බවත් එම කොමිසම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පෙරේදා(03) ආරම්භ වූ අතර, ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19 වැනි දා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

නමුත්, මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ලබන 8 , 9 , 13 , 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...