රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :
වලාන දූෂණ මර්දන ඒකකයේදී අද (05) පෙරවරුවේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ මහතා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර, රොහාන් ඕලුගල මහතා කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දී තිබුණි.




