විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම : පළමු පියවර ඇරඹෙයි

Date:

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.

මීට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වූහ.

මෙහි දී නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරපත් කිරීමට පෙර සිදු කල හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර ඉන් පළමු කොටස ලෙස විදුලිය බෙදාහැරීමට අදාළව වෙන් කර ඇති කලාප වල වෙන් වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සිදු කිරීමට අදාළ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සිදු කෙරෙනු ඇත.

එමෙන්ම ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය වන මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

තාක්ෂණය වැඩි වශයෙන් මෙම වැඩපිළිවෙලට යොදා ගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විසින් ද අමාත්‍යවරයා ට පෙන්වාදෙන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...