*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ ටෙහෙරානයේ සුන්දර කඳුවැටියක් පාමුල ය

2016 වසරේ ජූලි මාසයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‘වළ’ හෙවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ ‘දුටු තැන අල්ලනු’ නම් නාට්‍යය වේදිකාගත විය. එම නාට්‍යයේ එන දෙතොල් සිප ගැනීමේ දර්ශනයක් දකින පේරාදෙණිය ශිෂ්‍ය සුචරිතවාදී නාට්‍යලෝලීන් අනුභව කරමින් සිටි බඩඉරිඟු වහලුවලින් සහ පැළඳ සිටි සෙරෙප්පුවලින් පහර දී නාට්‍යය කඩාකප්පල් කළහ. රුපියල් පනහේ ප්‍රවේශ පත්‍රයක් ගෙන රුපියල් දහසේ ආසනයක වැඩ හුන් සුපේශල භික්ෂුවක් ‘මේක ශුද්ධ භූමියක්’යැයි මරහඬ දුන්හ. අවසානයේ දී නාට්‍ය කණ්ඩායමට තම කාර්‍යය අතරමග නවතා පේරාදෙණියෙන් පිටත්ව ඒමට සිදු විය.

2023 වසරේ මාර්තු මාසයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයය තුළ සිසුන් යුවළක් විනය පාලකවරුන් විසින් තහනම් කරන ලද හෝ සීමා කරන ලද බව පැවසෙන වැළඳ ගැනීමේ හෙවත් Hug කිරීමේ අයිතිය ඉල්ලා මෙසේ විරෝධතාව පල කළ පුවත සමාජ මාධ්‍ය ජාලා තුළ පුවත් මවන්නට විය.

කලා නිර්මාණයක දෙතොල් සිප ගැනීමක් නොඉවසූ උගත් බුද්ධිමත් ශිෂ්‍ය සමාජය ම සත් වසක් ගත වන තැන වැළඳ ගැනීමේ අයිතිය ඉල්ලා අරගල කරනු දකින විට ‘දුටු තැන අල්ලනු’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරිය Kaushalya Fernandoට සහ එදා එම අමිහිරි අත්දැකීමට මුහුණ දුන් රංගන ශිල්පිනිය Antoinette Thilakshini Ratnayakeට මේ ගත වන මොහොතේ කවර ආකාරයේ සිතිවිලි පහළ වන්නේදැයි තදබල විමතියක් ඇති වේ.

1978 වසරේ දී ඉස්ලාමීය විප්ලවය හරහා ඉරාන රාජ වංශයේ අවසාන රජු රීසා පහ්ලවි ෂා බලයෙන් පහ කරමින් අයතුල්ලා කොමෙයිනි ප්‍රමුඛ අන්තවාදීන් බලයට පත් කරගත් ඉරාන වැසියන් එය මුළුමනින් ම මූලධර්මවාදී ඉස්ලාමීය රටක් බවට පත් කරගත්හ. 2022 වසරේ අග භාගය වන විට හිජාබයට සහ සංස්කෘතික සීමාවන්ට විරුද්ධව විරෝධතාවයේ යෙදෙන ඉරාන යුවතියන් සමාජ මාධ්‍ය ජාලාවන්හි පුවත් මවන්නට විය.

මිත්‍රවරුනි;
පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ ටෙහෙරානයේ සුන්දර කඳුවැටියක් පාමුල ය.

~ සහන් කසීර වික්‍රමසිංහ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan