ඡන්දය කඩාකප්පල් කරන්න අපට වුවමනාවක් නෑ. සල්ලි නැති ප්‍රශ්නයයි තියෙන්නේ – රංගේ (VIDEO)

අයවැය ලේඛනයෙන් මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කළත් එම මුදල් මහාභාණ්ඩාගාරයට ලැබෙන්නේද යන ප්‍රශ්නය ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන්න නියෝගයට අපි කිසිසේත්ම අගතියක් කතා කරන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපි එකඟයි. අධිකරණ නියෝගයට අපි හිස නවනවා. නමුත් මෙතන රටේ තියෙන ප්‍රශ්නය මෙවැනි තැනකට වඩා වෙනස්, බැරෑරුම්. මොකද මේ රටේ දැන් පතුල හිල්වෙච්චි බංකොලොත් ආර්ථිකයක් තමයි තියෙන්නෙ. දැන් රටේ සල්ලි නැහැ. මහාභාණ්ඩාගාරයේ සල්ලි නැහැ. දැන් මේ යෝජනාව අයවැය ලේඛනයෙන් මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළාට මහාභාණ්ඩාගාරයට මේ මුදල් ලැබෙනවාද කියන එක. මහාභාණ්ඩාගාරයට මුදල් නැත්නම් මුදල් ලබාදෙන්නේ කෙසේද ? මෙන්න මේ ප්‍රායෝගික ගැටලුව තියෙන්නෙ. එහෙම නැතුව රජයට කිසිම අවශ්‍යතාවයක් නෑ මැතිවරණය කල්දාන්නවත් මැතිවරණය කඩාකප්පල් කරන්නවත්”

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...