සම වූවන් අතරින් හොඳම සාමාන්‍ය නාවික හමුදාවෙන්

Date:

වැලිසර නාවික හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති 12 වන ආරක්ෂක සේවා දැල් පන්දු කරගාවලියේ සූරියන් වන්නට නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් වුණා.මෙම සූරතාවය නාවික හමුදාව,ගුවන් හමුදාව සහ යුද හමුදාව යන කණ්ඩායම් තුනම එක තරගය බැඟීන් ජයගෙන සිටිම නිසා ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය අනුව නාවික හමුදාවට හිමි වීම විශේෂත්වයක්.නාවික හමුදාව ගුවන් හමුදාවට පරාජය වූ අතර යුද හමුදාවට එරෙහිව ජය ගත්තා.එසේම යුද හමුදාව ගුවන් හමුදාවට එරෙහිව තරගය ජය ගත්තා.


නාවික හමුදා නෙට්බෝල් කණ්ඩායම දීප්ත බණ්ඩාර යටතේ පුහුණුව ලබනවා.එය ද අලුත් බලාපොරොත්තුවක් සහ හැඩයක් ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩාවට එකත කරන අවස්ථාවක් වෙනවා.එසේම තරුෂි ඉලංගකෝන් නාවික හමුදා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.


තරගාවලියේ දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව බවට පත් වූයේ නාවික හමුදාව නියෝජනය කළ සුනම්‍යා වෙළගෙදරයි.දක්ෂතම දැල විඳින්නිය බවට යුද හමුදාවේ තිසාලා අල්ගම සම්මානයට පාත්‍ර වුණා.චතුරංගි ජයසූරිය දක්ෂතාම ආරක්ෂ පෙළ ක්‍රීඩිකාව වෙමින් එහි ගෞරවය ගුවන් හමුදාවට දිනා දුන්නා. බවට පත් වූයේ නාවික හමුදාව නියෝජනය කළ හසිතා මෙණ්ඩිස් තරගවලියේ දැල් පන්දු රැජීණ බවට පත් වුණා.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...