මෛත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ඉන්නවාද? යනවාද? තීරණයක් ගැනීමට සැරසෙයි! (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු විශේෂ රැස්වීමක් සඳහා අද (05) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු අතර මේ වනවිට ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන ජනතා විරෝධය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස රැඳී සිටිනවාද? නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වනවාද? යන්න පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ජා කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෙම කාරණය සම්බන්ධයෙන් එක රැයින් තීරණය කළ නොහැකි හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස තීරණ ගන්නා ව්‍යුහයට යටත්ව තීරණ ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සඳහන් කළේ.

මෙහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා ඇත්තේ දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව 11ක් විසින් ගොඩනගා ඇති සන්ධානය තවදුරටත් ශක්තිමත් කරමින් ජන අරගලවලට සහය දෙන බවයි.

ඒ අනුව ගොඩනැගෙන ජන අරගලවලට පියවරෙන් පියවර ජනතාව සමඟ සන්නද්ධ වෙමින් දැනටමත් ගොඩනගා ඇති සන්ධානය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පියදාස මහතා අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...