*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ජනතාව අපි කියන ඒවා ඇහුවේ නෑ, අපි ජනතාව කියන ඒවා ඇහුවේ නෑ – වැරදුණු හැටි බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙක ජනතාව රැවටීමට කටයුතු නොකරන බවත් ඇතැම් අවස්ථාවල තම පක්ෂයට වැරදීම් සිදුවුණු නමුත් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන බවත් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – පොහොට්ටුව ශක්තිමත්ද ?

“ඔව්, ඒකනෙ අපි තිබ්බ මැතිවරණ තුනක්ම දිනුවේ”

ප්‍රශ්නය – හැබැයි මේ වෙද්දී පොහොට්ටුව විවිධ කණ්ඩායම්වලට බෙදිලා තියෙනවා ?

“ඒක ඉතින් හැමදාම බෙදෙනවා, ආයෙත් එකතුවෙනවා … ඒක තමයි දේශපාලනය කියන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ ජනතාව රැවැට්ටීමක්ද නැවතත් කරන්න හදන්නෙ ?

“නෑ. එහෙම අපි කවදාවත් ජනතාව රවට්ටනෙත් නෑ. ජනතාව වෙනුවෙන්, ජනතාව කියන දේ තමයි අපි කරන්නෙ. අපට සමහර තැන්වලදී වැරදෙනවා. ජනතාව අපි කියන එක පිළිගන්නෙ නෑ, සමහර වෙලාවට ජනතාව කියන එක අපි පිළිගත්තෙ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඕවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න ඕනෙ”

ප්‍රශ්නය – ඔබ පිළිගන්නවාද ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල අභියෝගයක් තියෙනවා කියලා ?

“ඔව් ඉතින්. හැමදාම හැම මැතිවරණයක්ම අභියෝගයක් තමයි”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපලේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan