සංචාරකයින් දෙදෙනකුට දුම්රියකදී පහර දීමක්! නීති කඩ කළ බවට චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06, කොළඹ (LNW): දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් නාවලපිටියෙන් වාර්තා වේ.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (05) මෙම සිද්ධියට මුහුණ දී ඇත.

එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවටත්, ඒ අනුව, එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බව පැවසේ.

මේ අනුව පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් තුන්දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ හා නියාමකවරයෙකුගේ සේවය එලෙස අත්හිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රියේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන පළමු පන්තියේ මැදිරියක ආසනවල ගමන් කිරීම හේතුවෙන් ඔවුන් ඉන් ඉවත් කිරීමට සිදු වූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය ගමනාගමන අධිකාරි එන්.එම්.ජේ ඉදිපොළ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...