අහිමි වූ සමාජ මාධ්‍ය යළි සක්‍රීය වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ඊයේ (05) රාත්‍රියේ එක්වරම රටවල් රැසක බිඳ වැටුණු Facebook ඇතුළු සමාජ මාධ්‍ය මේ වනවිට නැවත යථාතත්ත්වයට පත්ව තිබෙන බව පෙනී යයි.

Facebook, Instagram, Messenger සහ threads යන සමාජ මාධ්‍ය රටවල් කිහිපයක බිඳ වැටීමට ලක් වූ අතර. මේ තත්ත්වයට ලොව රටවල් ගණනාවකට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි ව ඇති බව එම වාර්තා පවසයි,

Facebook හා Instagram බිඳවැටී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තහවුරු ක‍ළ අතර, ඊයේ රාත්‍රියේදීම අදාළ බිඳවැටීම යථාතත්ත්වයට පත්විය.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිය සමාගමේ යෙදවුම් කිහිපයකට ප්‍රවේශ වීමේ බාධා මතු වූ බව මෙටා සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් සඳහන් කළ අතර , යළිත් එම සියලු යෙදවුම් යථාතත්ත්වයට පත්කළ බව ඔහු සිය X ගිණුමේ සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...