*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

තමිල්නාඩු ධීවර අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා රාධා ක්‍රිෂ්ණන් මහතා දුරකතන සංවාදයකදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම, ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දෙරට අතර ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් සීමිත කාලයකට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වීමට අවසර දෙන්නැයි තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

මෙරට මුහුදට ඉන්දීය ධීවරයින් ඇතුළු වීම නතර කරන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් අනතුරුව පමණක් ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ හැකි බව, නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.,

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය, ඉන්දු – ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන්නැයි ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

අවසන්වරට ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2022 වසරේ මාර්තු මාසයේදී වන අතර, මෙරට මුහුදු සීමාවට දෙවැනි වරටත් ඇතුළු වීම හා GPS උපකරණ භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම යන චෝදනා දෙකකට වරදකරුවන් වූ ඉන්දීය ධීවරයින් 5කට අධිකරණය පසුගිය දා සිර දඬුවම් නියම කළේ ය.

ඉන් අනතුරුව තමිල්නාඩුවේ රාමේෂ්වන් ඇතුළු විවිධ ප්‍රදේශවල ධීවරයින් විරෝධතා ආරම්භ කළ අතර යාපනයේ ධීවරයින් පසුගිය සෙනසුරාදා ඉන්දීය මුහුදු සීමාව අසළට ගොස් කලු කොඩි ඔසවා විරෝධතාවක නිරත වූ බවද වාර්තා විය.

මෙරට ධීවරයින්ගේ විරෝධතා හේතුවෙන් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අඩුවක් දැකිය හැකි බව මේ අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

2024 වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 88කට හා යාත්‍රා 12ක් නාවික හමුදා අත්අඩංගුවට පත් වූ බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan