“මගේ කතාව” දොරට වැඩුම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): හිටපු අමාත්‍යවරයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ස්වයං චරිතාප්‍රදානය “මගේ කතාව” නමින් දොරට වැඩීම සිදු විය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදි මගේ කතාව කෘතිය දොරට වැඩිමේ උත්සවය පැවත්වුණි.

ආදි ආනන්දීයයෙකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සිය ග්‍රන්ථය දොරට වැඩිමේ උත්සවය ද එම පාසලේ දී පැවැත්වීම මෙන්ම එකල ඒ මහතාට ඉගැන්වු ගුරුවරුන් ද උත්සවයට පැමිණි සිටිම විශේෂත්වයක් විය.

සියල්ල දත් කෙනෙකුගේ කතාවක් නොවේ පෘතජ්ජන මිනිසෙකුගේ කතාවයි මගේ කතාව යනුවෙන් වු මෙම ග්‍රන්ථයට බාකීර් මාකාර් මහතාගේ ජිවිත සටහන් පිළිබඳ බොහෝ කරුණු එක්කර තිබෙන බවත්, සර්ව ආගමික පූජකවරුන් ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , කතානායක මහින්ද යාපා අබේවර්ධන ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග , මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ , විපක්ෂ දේශපාලනඥයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ සහ ආචාර්ය රංගකලාසූරිය ඒරානන්ද හෙට්ටිආරච්චි යන ප්‍රවීණ මාධ්‍යවේදීන් මෙහිදි දෙසුම් පැවැත්වුහ.

ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙහිදි ප්‍රකාශ කළේ, දශක 5ක දේශපාලන ගමන ඇතුලු එදා මෙදා තුර තම ජිවිතයේ ලැබු අත්දැකීම් සම්භාරයක් බෙදා ගත හැකි වන අයුරින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...