සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 06 , කොළඹ (LNW):අදත් ( 06) බාල බෙහෙත් වංචාව සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි කරමින් රහසිත ගත පාපොච්චාරණයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාකන්ද අධිකරණයට රැගෙන ආ බව වාර්තා වේ.
අද උදෑසන 9ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර, උදෑසන 9 සිට 11 දක්වා සමන් රත්නායක බන්ධනාගාර බස් රථය තුළ රඳවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතර උදෑසන 11ට ඔහු අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ගිය බව සඳහන් වේ.