කොළඹ LNW:ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ සිදුකරමින් පට්ටපල් බොරු කියමින් පසුවෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ඒ, අද (06) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
ජනාධිපතිවරයා කරපු දෙයක් නැති අතර සියලු කැපකිරීම් කර ඇත්තේ ජනතාව වන අතර අද දවස වන විට විදුලි බල මණ්ඩලය ලාභ ලබන්නේ ද රජයේ නිසි මැදිහත්වීමක් නිසා නොව ජනතාව විසින් අතිවිශාල බිලක් ගෙවන නිසා යැයිද ඇය පෙන්වාදුන්නේය.
ජනාධිපතිවරයා දැන් සිදුකරමින් සිටින්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය බවද මන්ත්‍රීවරිය කියාසිටියාය.
ASK