සීආර් හී දෙකම ඩැහැ ගැනීමේ උත්සාහයට පොලීසිය හරස් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 06, කොළඹ (LNW): මෙවර නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රග්බි ලීග් සූරතාවලියේ සූරයන් වූ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ක්ලිෆර්ඩ් කුසලානය අත දැරීමට මැවූ සිහින,සිහින ලෙසම බොඳ කර නොපෙනී යවන්නට ශ්‍රී ලංකා පොලීසිය සමත් වුණා.තුරග තරග පිටියට පිවිසි බොහෝ දෙනෙකුගේ රගර් ඇස් රබර් සේ එළියට ඇඳ දමන ක්‍රීඩා රටාවකින් විශ්මයට පත් කළ පොලිස් ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී රටාවකින් තරගය අල්ලා ගන්නට සමත් වූහ.පළමු අර්ධය නිමාවන විට ඒ වෙහෙසේ පල තමන් සතු කර ගෙන සිටි පොලීසිය ලකුණු 20 – 16 ක් ලෙස පෙරමුණේ රැඳිණ.


පොලිස් ක්‍රීඩකයෝ දෙවන අර්ධයේදී වඩාත් ශක්තිමත්ව සහ ආක්‍රමණශීලීව තරගයට අවතීරණ වෙමින් ආරක්ෂාව මැනවින් තර කර ගත්හ.ඒ ආරක්ෂාව බිඳ දැමීමට සීආර් ක්‍රීඩකයන්ට නොහැකි විය.එ නිසා දෙව අර්ධයම ගත වුණේ සීආර් ලකුණු පූවරුවේ වෙනසක් නොවෙමින්ය.මේ බලාපොරොත්තු රහිතව සීආර් වෙත එල්ල වූ පීඩනය ඔවුන්ය මානසිකව අපැහැදිළි තැනකට තල්ලු කර දැමුවේය.එහෙත් ඒ කාර්යය වෙනුවෙන් පොලිස් ක්‍රීඩකයෝ ඉතා සූදානමකින් සහ සැළසුමකින් පිවිස තිබුණ බව දැක ගන්නට ලැබිණ.
එහි ප්‍රතිපලය වූයේ දෙවන අර්ධයේදී සීආර් නිලකුණු අර්ධයක් ගෙව්වද,පොලසිය තවත් ලකුණු 20 ක් එක් කිරීමය.ඒ අනුව පොලිසීය ලකුණු 40 -16 ක් ලෙස තරගයේ සමස්ත ජයටම හිමිකම් කීවේය.


සීආර් පිල වෙනුවෙන් සුහිරු ඇන්තනී සහ තේනුක නානායක්කාර උත්සාහක දිණුම් වාර්තා කළ අතර මනිල්ක රුබේරු දඬුවම් පහර දෙකකින් සීආර් ලකුණු පුවරුවට දායක විය.


පොලිස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිණුම් ප්‍රමාණය පහකි.ඉන් දෙකක්ම සචිත් සිල්වාගේ ය. ශානක හරිස්චන්ද්‍ර,ශේන් ග්ලෙවින් හෝවුඩ් සහ හෆීස් තබීත් ඉතිරි උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.මෙම උත්සාහක දිණුම් පහෙන් තුනක ප්‍රවර්ථන සාර්ථක විය.ඉන් දෙකක් සාර්ථකව ඉලක්ක ගත කළේ ශේන් ග්ලේවින් හෝවුඩ් ය.නවීන් කණිශ්ක එක් ප්‍රවර්ථනයක හිමිකරු විය.ප්‍රින්ස් කුමාරගේ ක්‍රීඩා රටාව පොලිස් ජයග්‍රහණයට කුමාර පෙණුමක් එක් කළ අතර ඔහු සාර්ථකව දඬුවම් පහර දෙකක් එල්ල කිරීමෙන් නොනැවතී ඩ්‍රොප් ගෝලයක් ද නිවැරදිව ඉලක්ක ගත කරන්නට සමත් විය.


ශ්‍රී ලංකා රගර් මෙවැනි විශිෂ්ඨ තරග බොහෝ රගර් ප්‍රේමීන්ගේ දෑසට හසු නොවන මානයක තැබීම කෙරෙහි විරෝධයක් ද පැන නැඟෙමින් ඇත.ඒ සතියේ දිනවල තරග පැවත්වීමෙන් ඒ සඳහා යොමු වීමේ අවකාශය අඩු වන බැව් පවසාය.කෙසේ නමුත් මේ මොහොතට පමණක් සීමා නොවුණු සතියේ දිනවල රගර් තරග පැවත්වීමේ අපවාදය වත්මන් පරිපාලනය මතම පැටවිය නොහැකි ඉතිහාසයක් ඇති කරුණකි.විවිධ හේතූන් නිසා ක්‍රීඩා පිටි හිඟ වීමේ සිට පැන නඟින ප්‍රයෝගික ගැටළු ගණනාවකට තරගාවලියක් සංවිධානය කිරීමේදී රගර් පිරිපාලනයට මුහුණ දෙන්නට සිඳුවන අභියෝග අතරේ සති අන්තයට රගර් ගෙන යාම දුෂ්කර වැඩකි.එහෙත් දිගු කාලීනව සැළසුම් කර කඝ හැකිනම් අතීත කතාවල එල්ලී නොසිට වත්මන් රගර් පරිපාලනයට ප්‍රශංසාව උපයා ගන්නට එය හේතුවක් වනු ඇත.එසේම විශාල ආයෝජනයක් කරමින් රගර් හා බැදී සිටින නිපොන් පේන්ට් වැනි අනුග්‍රාහකයන්ට ද එය අනුග්‍රාහශීලීත්වයට පිදෙන උසස් කෘතෝපහාරයක් වනු ඇත.


වෙනස් නොකිරිමට වඩා වඩාත් පලදායි ලෙස වෙනස් කළ හැකිනම් එය වැදගත්ය.වත්මන් පරිපාලනය බලයට පැමිණි මොහොතේ ගත් ඇතැම් තීරණ ප්‍රතිපත්තිමය වශයෙන් බිඳ දමමින් කටයුතු කරන අවස්ථා සුලභව දකින්නට ලැබෙන මොහොතක මෙවැනි යහපත් ආකාරයේ වෙනසක් කරන්නට උත්සාහ කිරීම අසුභ නැත.එහෙත් කිසිවෙක් මෙය වරදක් කොට වත්මන් පරිපාලනය මතම පැටවීමනම් නුසුදුසුය.
මේ සමඟ ඇති ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක්ම වාර්තා කළ සචිත් සිල්වා එක් උත්සාහක දිණුමක් ලබා ගත් ආකාරය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...