සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර හතරකට පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉතිහාසයේ ඉහලම අගයකට ළඟා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, තෙල් බැරලයක් 17.65% කින් ඉහළ ගොස් ඇති අතර බැරලයක් ඩොලර් 85 ඉක්මවා ගොස් ඇත.
මිට පෙර බ්‍රෙන්ට් බොරතෙල් මිල රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 මාර්තු 4 වන දින ඉහලම අගයක් වාර්තා කළ අතර මෙම සතියේ ඉරානය විසින් කලාපයේ පිරිපහදු මධ්‍යස්ථානවලට සහ කලාපයේ නැව්වලට එල්ල කරන ප්‍රහාරවලින් පසුව තෙල්මි මෙලෙස ඉහල ගොස් ඇත.
ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20ක් ප්‍රවාහනය කරන ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කිරීමත් මේවන විට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇත.
අතර පසුගිය පැය 24 තුළ සමුද්‍ර සන්ධිය හරහා නිරීක්ෂණය වී ඇත්තේ තහවුරු කරන ලද වාණිජ සංක්‍රමණ දෙකක් පමණක් වන අතර සාමාන්‍ය කාලවලදී, පැය 24 ක කාලයක් තුළ නැව් 138 ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බව වාර්තා වේ.

