එප්ස්ටයින් ලිපිගොනු සහ හිටිහැටියේම ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාව..

රෂිකා හෙන්නායක මාර්තු 06,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලද ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ රහස්‍ය ලිපිගොනු පිළිබඳව විස්තර පසුගියදා දැඩිලෙස කතාබහට ලක් වී තිබුණි.

මේ වනවිට ඇමරිකානු ජනාධිපතිවරයා අලලාද විවිධ තාබහක් ඇති වී තිබේ. ඒ,  ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් තරුණ වියේ පසුවූ දැරියකට ලිංගික අතවර කළ බවට එල්ල වන බරපතල චෝදනා සහ ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයක් පිළිබඳවයි.

මින් පෙර හෙළි නොවූ මෙම තොරතුරු හදිසියේ කරළියට පැමිණීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීන් දැඩි විමර්ශනයක යෙදී සිටින බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා පදනම් විරහිත බව ප්‍රකාශ කරයි. තවද, මෙම ආන්දෝලනාත්මක පුවත යටපත් කිරීම සඳහා ඉරානය සමඟ යුද්ධයක් ඇති කිරීමට උත්සාහ කරන බවට ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරන බව ද මෙමගින් අනාවරණය වේ.

මෙය ජාත්‍යන්තර දේශපාලනය සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලයින්ගේ පෞද්ගලික හැසිරීම් පිළිබඳව දැඩි සංවාදයක් ඇති කිරීමට සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...