තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති යුරෝපා ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට නෝර්වේ සමත් වුණා.ඒ රන් පදක්කම් හතරක් සහ එක රිදි පදක්කමක් දිනා ගනිමින්.ඒ සඳහා මූලිකත්වය දරුවේ මේ වන විටත් තමන්ගේ ඉසව්වන්හී ලෝක වාර්තාලාභීන්ව සිටින ජාකොබ් ඉන්ගේබ්රිස්ටන්,කර්ස්ටන් වෝර්හෝල්ම් යන ක්‍රීඩකයින්.මේ වන විටත් මීටර් 1500 ලෝක වාර්තාව උසුලන ජාකොබ්,මෙම තරගාවලියේදි සිය රටට පදක්කම් ගෙන ඒම වෙනුවෙන් මීටර් 3000 ඉසව්වද නියෝජනය කර එහි රන් පදක්කම දිනා ගත්තා.
කර්ස්ටන්ට මෙම තරගාවලියේ තමන් දක්ෂතා දක්වන ලෝක වාර්තාව තබා තිබෙන මීටර් 400 කඩුලු ඉසව්ව වෙනුවෙන් ඉඩක් වෙන්වන්නේ නැහැ.ඒ නිසාම ඔහු තීරණය කරනවා සිය රට වෙනුවෙන් තමන්ට මේ තරගාවලියේ ජයග්‍රහණයක් අත් කර දෙන්න මීටර් 400 තරගයෙන් උත්සාහ ගන්න.ඔහු ඒ අනුව තමයි යුරෝපා ගෘහස්ථ තරගාවලියේ මීටර් 400 ඉසව්ව නියෝජනය කර ජයග්‍රහණය කරන්නෙ.
එසේම නෝර්වේ මලල ක්‍රීඩාවේ අනාගතයට වඩා වැදගත් වේ යැයි සිතිය හැකි ජයග්‍රහණයක් ලබා දෙන්නට සොන්ඩ්‍රේ ගුටෝම්සෙන් සමත් වුණා.ඒ රිටි පැනීම ඉසව්වේ ජාත්‍යන්තර තරගයක රන් පදක්කම දිනූ පළමු අවස්ථාව සටහන් කරමින්.ඔහු මීටර් 5.80 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජයගත්තේ ග්‍රීසියේ එම්මානුවෙල් කරාලිස් සහ පෝලන්තයේ පීටර් ලිසෙක් හා සම උසක් තරණය කරමින්.
නෝර්වේ පළමු තැනට එද්දි රන් පදක්කම් තුන බැගින් දිනා ගන්නට නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය සමත් වෙනවා.නමුත් නෙදර්ලන්තට රිදි පදක්කම් තුනක් දිනා ගනිද්දී මහා බ්‍රිතාන්‍යයට දිනා ගන්නට හැකි වන්නේ රිදී පදක්කම් එකක් පමණක් විම නිසා පදක්කම් සටහනේ දෙවන තැන නෙදර්ලන්තය දිනා ගන්නවා.
සොබවික මිනිස් ව්‍යසනයක් නිසා දහස් ගණනකගේ ජීවිත පස් යට තිබියදී ත් තූර්කිය ගත් මේ අභියෝගය අතිශයින් වටින සහ ආදර්ශ එකක් වන අතර ඒ මහා ව්‍යසනය ඉදිරියේ ද ද තරග වදිමින් ටුග්බා ඩනිස්මස් කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම තූර්කියට ගෙන එන්නට සමත් වූවාය.එසේම රුසියානු බල දේශපාලනයේ ගොදුරක් බවට පත් වෙමින් මිනිසුන් දහස් ගණනකගේ ජිවිත අහිමි කර ගනිමින් සිටින යුක්රේනය වෙනුවෙන් පැමිණි කණ්ඩායම රන් පදක්කමක්,රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ද දිනා ගනිමින් කැපී පෙණින.ඒ අතරින් වෙඩි හඩවල් පිපිරීම් මැදින් ඉකුත් ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට දුෂ්කර ගමණක යෙදෙමින් රන් පදක්කම දිනා ගත් යුක්රේනයේ යරොස්ලාවා මහිචික්, යුක්රේනයට යූරෝපා ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලි රන් පදක්කමද දිනා දෙන්නට සමත් වූවාය.
එසේම ලෝ ප්‍රකට මලල ක්‍රීඩාව සම්බන්ධ විශේෂිත වාර්තාකරුවෙක් වන ඔලාෆ් බ්‍රොක්මන් යුරෝපීය මලල ක්‍රීඩා සංගමයේ සභාපති ඩොබ්‍රොමීර් කරමරිනොව් අතින් ඇගයීමට ලක් විමද විශේෂ අවස්ථාවක් සේ සැළකිය හැකිය.





නිෂ්මන් රණසිංහ