විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ විරෝධතාවක්

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ (05)දිනයේදී විරෝධතාවයන් පවත්වනු ලැබූ අතර, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල ජාතික ජන බලවේගය පක්ෂයට සහය දක්වන ලාංකිකයින් විසින් මෙම විරෝධතාවන් සංවිධානය කර තිබුණා.

එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා නොගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.

රටේ ජනතාවගේ ඡන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තරුණ පරපුරකට භාරදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට රටේ පාලකයින් පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...