කටකතා බොරු. දයාසිරි ඉවත් කිරීමක් නෑ !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතාව ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යය බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

දයාසිරි ජයසේකර මහතා මේ දිනවල සිය පුත්‍රයාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටින අතර ඔහු නැවත දිවයිනට පැමිණෙන තුරු ශ්‍රීලනිප මහලේකම් ධුරයෙහි වැඩබැලීම සඳහා එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතාව පත්කර තිබේ.

පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත්තේ දයාසිරි ජයසේකර මහතා සමග ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. මැතිවරණයක් කැඳවා ඇති මොහොතක පක්ෂයේ මහලේකම් ධුරයට බොහෝ රාජකාරි ඇති නිසා දයාසිරි ජයසේකර මහතා යළි දිවයිනට පැමිණෙන තුරු මෙසේ වැඩබලන මහලේකම්වරයකු පත්කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...