ඌව වෙල්ලස්සේ අක්කර 65000ක ඉඩම් කොල්ලයක් ගැන ගොවීන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි

Date:

ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 65,000ක් බහුජාතික සමාගම් කිහිපයකට පැවරීමෙන් විපතට පත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ගොවීහු සෙනසුරාදා (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් භාර දුන්හ.

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට සීනි නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිගම ප්‍රදේශයේ ඉඩම් අක්කර 65,000ක් මෙසේ ලබාදීමට නියමිත බව සඳහන්. ඓතිහාසික ඌව තැන්නට අයත් වන මෙම භූමියේ නිල්ගල ඖෂධ වනාන්තරය, මාදුරුඔය රක්ෂිත වනාන්තරය, සේනානායක සමුද්‍රය රක්ෂිත වනාන්තරය වැනි ප්‍රධාන රක්ෂිත වනාන්තර කිහිපයක්ම පිහිටා ඇත.

ගලඔය, මධුර ඔය, උල්හිටිය ඔය සහ හපොල ඔය යන ජල පෝෂක ප්‍රදේශ ද අදාළ අක්කර 65,000 තුළ පිහිටා ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම ඉඩම් ආශ්‍රිතව දඹාන, පොල්ලේබැද්ද සහ රතුගල ආදිවාසී ජනකොටස් වාසය කරයි.

මෙසේ මහජනතාව බිල්ලට නොදෙන ලෙසත් ඌව වෙල්ලස්ස ඉඩම් කොල්ලය වහාම හකුලා ගන්නා ලෙසත් ඌව වෙල්ලස්ස මානව හිමිකම් සුරැකීමේ පෙරමුණේ ප්‍රධාන අනුශාසක දොඩංගොල්ලේ සෝරත හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...